Melancholy歌詞

添加日期:2023-12-24 時長:05分29秒 歌手:MonaraKudumbiya

作詞 : Padmaka Mirihagalla
විෂාදය / Melancholy
පියුමන් මැලවී යන යාමේ
ගොම්මං සිතදෝ කිතිකැවුනේ
යාග ගී ගැයුනා
මාර දූවරු රැඟුමන් රැඟුවා
අපල කාලේ මුකලානේ තනිවීලා
කළුවර බියෙන් දැවෙනවා
නිසරු වාසෙන් වියරු ප්‍රාණෙන් ගිලිහීලා
පාවී යාවිදෝ හැඟෙනවා
මාරසෙන් මා ආත්මය උදුරා
මුසල සභේ නටවනා
විටෙක චණ්ඩ මෘගාරූඩෙන් මා බැඳදමා
මර භීතියෙන් හඬවනා
පියුමන් මැලවී යන යාමේ
ගොම්මං සිතදෝ කිතිකැවුනේ
යාග ගී ඇසුනා
මාර දූවරු රැඟුමන් රැඟුවා
සොම්නසින් හා දොම්නසින් හැඬුනා
සුරදූතියන් පැමිණුනා
වරෙක ක්‍රෝධ ද්වේශ සන්තාපයේ පැටලුණා
වියවුල් ලොවක තනිවුනා
බොළඳ ලෝකයේ සරදමින් සිත හිරිවැටුනා
සහචාරයන් හැරගියා
දිනෙක ප්‍රීතියෙන්දෝ සිත්මල් පිපුනා
නිරවුල් හැඟුම් පිබිදුනා
පද්මක මිරිහාගල්ල 03-07-2020
更多>

喜歡【MonaraKudumbiya】您也可能喜歡TA們的歌詞…

更多>

最新歌詞